තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

සැප් 24, 2019

    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.

    ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දින නියම කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා සිදුකිරීමට නියමිතයි.

    එම නිසා තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය. 2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 11:19

    Latest News