වල්ලපට්ටා තොගයක් රටින් පිට කරන්න උත්සහ කළ අයෙක් මාට්ටු

සැප් 24, 2019

    නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද (24) අළුයම අදාළ සැකකරු වල්ලපට්ටා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මොහු මාරවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

    අද අලුයම 2.10 ට කටුනායකින් ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානයෙන් පිටත්විමට මොහු ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    එ අනුව ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු පරික්ෂා කිරිමේදි රුපියල් 36,69,250 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රැම් 22 යි ග්රැම් 150 ක් සඟවා තිබියදී සහකාර රේගු අධිකාරී ටී.ඒ.පී.පී. තෙන්නකෝන් මහතා විසින් අත්අඩංගුවට ගැනීම කර තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුට රුපියල් 25000 ස්තානිය දඩයක් පිරිනමා ඇති අතර වැඩිදුර විමර්ශන ගුවන්තොටුපළ රේගුව විසින් සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 11:25

    Latest News