දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න - කොක්මදූව යටවෙයි (වීඩියෝ)

සැප් 24, 2019

    අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මදූව හා වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී තිබේ.

    මේ සඳහා විකල්ප මාර්ග භාවිත කිනර ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොමැති අතර අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් කරන ලෙස රියදුරන්ට දැනුම් දෙයි. මාතර සිට කොළඹ දෙසට ගමන් කරන වාහන මතුගම ප්‍රදේශයට යාමේදී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම භාවිත කර මතුගමට පිවිසිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 14:47

    Latest News