රියදුරුගේ නින්ද අධිවේගයේදී මරු කැඳවයි

අප්‍රේ 09, 2019

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම කිලෝ මීටර් 45.6 ස්ථානයේ දී වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරියක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

    63 හැවිරිදි ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන් ගත් පුද්ගලයෙකුයි මියගොස් ඇත්තේ.

    වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ. වැලිපැන්න පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 11:10

    Latest News