සේනාධිපති-දිල්රුක්ෂි දුරකථන සංවාදය විමර්ශනය නීතිපතිගෙන් රාජ්‍ය සේවා කොමිසමට

සැප් 23, 2019

    සොලිසිටර් ජනරල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකතන සංවාදය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් අද (23) රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

    මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙස නීතිපති විසින් ඉල්ලා ඇති බව, නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසුවාය.

    දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සොලිසිටර් ජනරල් තනතුරේ රාජකාරිවලින් ඉවත් කිරීම ද නීතිපති විසින් අද සිදුකර ඇත. ඇයගේ රාජකාරී කටයුතු ආවරණයට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත්කර තිබේ.

    සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවන උසස් තනතුරේ කටයුතු කරනු ලබයි. එ අනුව ඇයට එරෙහිව පරික්ෂණයක් දෙපාර්තමේන්තු මට්ටමින් පැවැත්විය නොහැකිව ඇත්තේ එවැනි පරික්ෂණයක් කනිෂ්ඨ නිළධාරින් මගින් සිදුකිරිම නොහැකි නිසාවෙන් බව නිතිපති සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසුවාය. එසේ ඇයට එරෙහිව පරික්ෂ පිරික්ෂණයක් පැවැත්විමේ හැකියාව නීතිපතිට පමණක් බලය හිමිවේ. නීතිපති රජයේ පාර්ශවයෙන් නීති උපදෙස් සපයනු ලබන බැවින් මෙම සිද්ධිය මුලිකව අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වුවහොත් එවැනි අවස්ථාවක නීතිපතිට රජය වෙනුවෙන් පෙනීසිටිමේ ගැටලුවක් මතු වන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසුවාය.  

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 19:00

    Latest News