කිසිදු රජයක් වැය නොකළ මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළා; ජනපති (වීඩියෝ)

සැප් 23, 2019

    දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සහන් කළේ පොළොන්නරුව, කෝට්ටපිටියසෑගල මහා විද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වෙන්කළ මුදල තමන් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව ඉහළ නැංවූ බවයි. එමෙන්ම සියලූ විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද විශාල මුලක් වැය කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ සමාජ, ආර්ථික ගැටලූ රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහිකිරීම මගින් බවයි.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 73ක මුදලක් වැය කරමින් විද්‍යාගාරය, ගෘහවිද්‍යාගාරය සහිත පන්ති කාමර 4කින් යුත් මෙම බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.

    අද පෙරවරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා සිසු කි‍්‍රයාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක්විය. උතුරු මැද පළාත්ආණ්ඩුකාර සරත් ඒකනායක, ඇලහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක රෝහිත හත්තොටුව යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ විදුහල්පති බී.පී.කේ ඇතිපොල මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 29ක වියදමින් නවීකරණය කෙරුණු ඇලහැර, කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප‍්‍රදානය, පුස්තකාල සඳහා පොත් ප‍්‍රදානය සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් ප‍්‍රදානය සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    අනතුරුව ඇලහැර රදවිගෙඔය කනිෂ්ඨ විද්‍යාලයේ නවීකරණය කෙරුණු පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්විය. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 42ක වියදමින් පන්ති කාමර ගොඩනැගිල්ල නවීකරණය කර තිබේ. එමෙන්ම ඇලහැර, නිකපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 9.52ක වියදමින් ඉදිකෙරුණු පන්ති කාමර 08කින් යුත් නව ගොඩනැගිල්ල ද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.

    ඉන් අනතුරුව සෑගල විහාරස්ථානයේ දී පැවති රන්ගෙවිලිය වැඩසටහන සඳහා ද ජනාධිපතිතුමා එක්විය. කාබනික වගාව සඳහා ගෙවිලියන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර රුපියල් ලක්ෂ 44ක වියදමින් ඇලහැර කොට්ඨාසයේ ගෙවිලියන් 200ක් සඳහා නොමිලේ කෘෂි උපකරණ ලබාදීම සංකේතවත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:03

    Latest News