කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්; ගංඟා ජල මට්ටමත් ඉහළට

සැප් 23, 2019

    ඉදිරි පැය 24ක කාලය තුල දකුණ,සබරගමුව,මධ්‍යම හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

    වයඹ,උතුර,ඌව,නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකියි.

    මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන්, ඉහළ යමින් පවතියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයෙන් නිල්වලා ගඟ ගංවතුර තත්ත්වයක් මත පවතින බවයි. ඒ අනුව මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස හා පිටබැද්දර යන ප්‍රදේශවල ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීමට දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුයි.

    මීට අමතරව ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම වැඩිවෙමින් පවතියි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 15:12

    Latest News