කාසල්රී ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට

පෙබ 14, 2020

    කඳුකරයේ ජල විදුලිය බලාගාර, ජල පෝෂක ප්‍රදේශ වලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වෙයි.

    ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිය බලාගාර සංකීර්ණය අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

    පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම 14 වැනි දින පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 19ක් හා 20ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසා ඇත. විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමඟ ජල විදුලි බලය උත්පාදනය අර්බුදයකට ලක්වීම හා අවශ්‍ය විදුලි ඉල්ලුම නිෂ්පාදනයට ඩීසල් බලාගාර සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

    Latest News