මහ වැසි සමගින් රාවණා සක්‍රිය වේ (විඩියෝ)

සැප් 23, 2019
  • බණ්ඩාරවෙලට ඇද හැලෙන මහ වැසි සමග ඇල්ල රාවණා ඇල්ල වඩාත් සක්‍රියවි ඇතැයි අප වාර්තාකරු පවසයි.

      ඇල්ල ප්‍රදේයට වැසි නොලැබෙන අවස්ථාවලදී වුවත් දියඇල්ලේ ඇරඹුම වන බණ්ඩාරවෙලට ඇද හැලෙන වැසි සමග රාවණාඇල්ලේ ජලය හිටි හැටියේ වැඩිවීමේ අවධානමක් පවති. එ බැවින් රාවණා ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසට අවවාද කරන බව ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්. එම් උදයකුමාර මහතා පැවසීය .

    මේ අතර අධික මිදුම් තත්වයක්ද රාවණාඇල්ල ආශ්‍රීතව හිටි හැටියේ පැතිර යන බැවින් ද මාර්ගයට ගල්කඩාවැටීමේ අවධානමක් ඇති බැවින්ද ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනයේදී විමසිලිමත්ව වන ලෙසට ඇල්ල පොලිසිය රියදුරන්ට අවවාද කරයි.

    ravanafalls2 px 900 192 09

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 13:25

    Latest News