පසුගියදා කැබිනට් රැස්වීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍යට කියු කතාව

සැප් 22, 2019

    පසුගියදා පැවති කැබිනට් රැස්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය දැනුවත් කළා.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    “17 වැනිදා පාර්ලිමේන්තුවේදී සුමන්දිරම් මන්ත්‍රීවරයා මට පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ජා කර ඇති බවත්, ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වැනි සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත්, මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වූවා. සුමන්දිරම් මන්ත්‍රීතුමාගේ ඒ ප්‍රකාශය දැනට ප්‍රතික්ෂේප වී නැහැ. එතනදී මම සුමන්දිරම් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගය ද අවශ්‍ය බව. සිවිල් සමාජය මේ පිළිබඳව ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්දිරම් මන්ත්‍රීවරයා මට දැනුම් දීලා තිබුණා. ඇමතිවරු දැක්වූ අදහස් මම රැස්වීමේදී සම්පිණ්ඩණය කළා. ඇමතිවරු විවිධ අදහස් ප්‍රකාශ කළා. මේ අන්තිම තීරණ ගැනීම අපි පක්ෂවලට බාරදුන්නා“ යැයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.

    Latest News