අසිරු මෙහේයුමකින් වන අලියා බේරා ගනී

සැප් 22, 2019

    බඩල්කුඹුර අඹදණ්ඩආර වගා ලිදකට වැටි සිටි වනඅලියෙකු පැය ගනනක මෙහෙයුමකින් පසු වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ බේරා ගැනීමට සමත් වුයේය.

    ඊයේ (21) අලුයම මෙම වනඅලියා ගම් වැදී ඇති අතර එම අවස්ථාවෙදී ප්‍රදේශයේ වගා ලිදකට වනඅලියා ඇද වැටී ඇත.

    අලුයම දෙකට පමන ලිදට වැටුණු වනඅලියා පැය එකොලහකට පසුව අසීරු මෙහෙයුමකින් ගොඩ ගෙන කැලයට පලවා හැරීමට වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්වු බව අප වර්තාකරු පවසයි. වයස අවුරුදු පහලොවත් විස්සත් අතර පසුවන වනඅලියාගේ සිරුරට තුවාල සිදුවී ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බව වනජීවි නිලධාරීහු පවසති.

    Latest News