නෙළුව රන්මුදු සොරකම CCTV කැමරාවෙන් මාට්ටු (විඩියෝ)

සැප් 22, 2019
  • නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකු මුලා කොට රුපියල් හතලිස් දහසක් පමණ වටිනා රන්මුදුවක් සොරකම් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 

    ස්වර්ණාභරණ අලෙවි සැලට පැමිණි සැකකරු රන් මුදුවක් මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් විමසා ඇත.

    සේවකයා විසින් විවධ මාදිලි වලින් තැනු රන් මුදු පැමිණි පුද්ගලයාට පෙන්වාදෙන අතරතුර සුක්ෂමව සේවකයා මුලා කොට සොරක කර තිබේ.

    රන් ආභාරණ පරික්ෂාවෙන් පසු තෝරාගත් මුදුව මිලදී ගැනීම සඳහා මුදල් හිඟකමක් ඇති බව පවසමින් අසල පිහිටි බැංකුවක් වෙත ගොස් මුදල් රැගෙන එන බව පවසමින් ඔහු අලෙවි සලෙන් පිටතට ගොස් ඇත.

    එහි සේවකයා විසින් ස්වර්ණාභරණ නැවත පෙට්ටි තුල අසුරන අවස්ථාවේ රන් මුදුවක් අස්තානගතවී ඇති හෙයින් වෙලඳසැලේ කළමනාකාරීත්වය දැනුවත් කර එහි සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සුක්ෂම අයුරින් රන් මුදුවක් සොරාගන්නා ආකාරය අනාවරණය කර ගැනීමට හැකිවි ඇත. නෙළුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on ඉරිදා, 22 සැප්තැම්බර් 2019 11:33

    Latest News