ව්‍යාජ මුද්‍ර 18ක් සමඟ 03ක් වත්තලදී මාට්ටු

සැප් 22, 2019

    රජයේ ආයතන නිල මුද්‍රා ලෙස සකස් කරන ලද ව්‍යාජ මුද්‍රා 18ක් සහ සකස් කරන ලද පොතක්, විවිධ ලිපි ශීර්ෂ හා ව්‍යාජ ලිපිලේඛණ සමඟ සහ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    ඊයේ (21) දහවල් වත්තල කල්‍යාණි මාවතේ පිහිටි මෙම ස්ථානය වටලා ව්‍යාජ ඉඩම් ඔප්පු රැසක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් 39, 53, සහ 63 යන වයස්වල පසුවේ. ඔවුන් වත්තල, ගනේමුල්ල සහ මරදන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් යැයි පොලිසිය පවසයි.

    රාජ්‍ය නිලධාරීන්ගේ, ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ , අධිකරණ, නීතිඥ සහ නොතාරිස්වරුන්, විදුහල්පතිවරුන්, වරාය අධිකාරිය, විවාහ රෙජිස්ටාර්, ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් මුද්‍රා ව්‍යාජව සකස් කළ එවා අතරවේ. සැකකරුවන් අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News