මැණික් ගැරූ 5ක් මාට්ටු

මාර් 22, 2019

    බගවන්තලාව ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

    බගවන්තලාව පොලීසියට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා උපයෝගීකර ගන්නා උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බගවන්තලාව ඕපනායක, රත්නපුර හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ. බගවන්තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News