කොන්ත්‍රාත්කරු මැණික් ජාවාරමක (ඡායාරූප)

නොවැ 20, 2018

    කෙසෙල්ගමුඔය පුළුල් කිරිම භාරගෙන කොන්ත්‍රාත්කරු ඔයේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාවය දක්වන බව ප්‍රදේශවාසින් චෝදනා කරනා කරති. 

    වැසි දිනවලදි නොර්වුඩ් ප්‍රදේශයෙන් කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා ඒ අසල පදිංචි පවුල් කිහිපයක් අපදාවට ලක්විම වැලැක්විමට අපදා කළමණාකාරණ අමාත්‍යංශය ස්ථාන කිහිපයකින් පුළුල් කිරිම සදහා රු ලක්ෂ 28 ප්‍රතිපාදන වෙන් කර ඇත.

    නොර්වුඩ් අයර්බි මන්සන්ධියේ පාලමට මිටර් 45 එපිටින් ගග පුළුල් කිරිමේ කටයුතු සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා විසින් කොන්ත්‍රාත්කරුට උපදෙස් ලබා දි තිබේ. එසේ වුවද කොන්ත්‍රාත්කරු පාලම අසලටම පැමිණ බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් මැණික් ඉල්ලම් ගොඩ දමන බව ප්‍රදේශවාසින් චෝදනා කරති.
    පාලම අසල මැණික් ඉල්ලම් ගොඩ දැමිම හේතුවෙන් කෙසෙල්ගමුඔය හරහා ඉදි කර තිබෙන පාලම කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බව විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය පවසයි.
    කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ නිත්‍යානුකුල අවසරය ලබාගෙන ඇති මැණික් ව්‍යාපාරිකයන් සමග එක් වි ඔය මැද හාරා මැණික් ඉල්ලම් ගොඩ දමන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
    බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින්නේ කෙසෙල්ගමුඕයෙන්ය.

    02

    01

     

     

     

     

     

     

     

    Latest News