සංචරණ සිමා මැද්දේ මැණික් ගැරූ 3 ක් අත්අඩංගුවට

ජූනි 09, 2021

    සංචරණ සිමා පනවා තිබිය දී මැණික් ගැරූ 3 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හුදකලා කර ඇති බගවන්තලාව තෙරේසියා තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (08) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.

    සැකකරුවන් තිදෙනා තේ වත්තේ තේ පදුරු ගලවා අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට වතු පාලන අධිකාරියෙන් ලද පැමිණිල්ලක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් තිදෙනා සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත්, සැකකරුවන්ට සංචරණ සිමා නීතිය උල්ලංඝනය කිරිම සහ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරීම යන චෝදනා යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි පොලිසිය කියා සිටියේ.

    Latest News