කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිලිපනී

සැප් 18, 2019

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (18) දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ ධාවනය වූ දුම්රිය රැසක් ප‍්‍රමාදව ධාවනය වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.

    අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා අද (18) අලුයම 4.55 ට ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක් වී තිබේ.

    මේ හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට පෙරවරු 5.30 සහ 6.25 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත ව තිබූ දුම්රියයන් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්මේන්තුව කියයි.

    Latest News