ලෝකයෙන් උතුම් වස්තුව මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ

සැප් 17, 2019

    දෙමාපියන්ගේ වටිනාම සම්පත තම දරුවන්. දරුවන් උස්මහත් කොට යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම දෙමාපියන්ගේ මූලික අරමුණක්.

    එහෙත් එම උදාරතර අරමුණෙන් බැහැරව කටයුතු කරන දෙමාපියන් පිළිබඳවත් ඉඳහිට වාර්තා වනවා. අවුරුදු තුනක් පමණ වයසැති මේ කුඩා දරුවා හමුවූයේ, මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේදී. කවුරුන් හෝ මේ දරුවා අතරමං කොට පලා ගිහිං. අද දහවල් මහනුවරින් මැදිරිගිරිය බලා ධාවනය කිරීමට තිබූ බස් රථයක් තුළ දරුවා අතරමං කොට මාපියන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දරුවා බියට පත්ව හඬමින් සිටියදී,

    තරුණයෙකු ඒ බව දැක ඔහු දරුවා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත බාරදී තිබෙනවා. දරුවා පවසා ඇත්තේ තමාගේ නම සංඛ හෝ තනුක යනුවෙන්. දරුවාට තම නම නිවැරදි ලෙස කියාගත නොහැකියි. දරුවා පවසන්නේ සීයා සමඟ බස් රථයකින් මහනුවරට පැමිණි බවයි. මහනුවර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සංජීව මහානාම මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ දරුවා භාරගෙන ඇති අතර සිද්ධිය පිලිබඳ වැඩිදු පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 20:33

    Latest News