ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

සැප් 16, 2019

    පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. බදුල්ල, සොරනාතොට ප්‍රදේශයේ ගල්පෙරලීම් වාර්තා වීම හේතුවෙන් පවුල් 88ක් තාවකාලිකව ඉවත් කර තිබේ.

    මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යමසහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සඳන්හන් කළේය.

    ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100ටවැඩි තදවැසි ඇතිවිය හැකියි. මේ අතර ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 10:28

    Latest News