අගමැති‍ ජනාධිපති කොමිසමට පැමිණෙයි

සැප් 16, 2019

    update- අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී එම ස්ථානයෙන් පිටවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කොමිසම හමුවට පැමිණ තිබේ.

    2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සිදුකෙරන විමර්ශන සඳහා සාක්ෂි ලබාදීමටයි. රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම අද සිදු කෙරේ.

    අද පෙරවරු 09.30ට ජනාධිපති කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි නියමිතයි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 14:36

    Latest News