ශාන්ත බණ්ඩාර යළිත් ජාතික ලැයිස්තුවට

සැප් 15, 2019

    පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (14) රාත්‍රී අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මීට පෙර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව ඉල්ලා අස් විය. ඒ සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සදහා තේරී පත්වීමේ අපේක්ෂාවෙන්.

    කෙසේවෙතත් අදාළ පුරප්පාඩුව සදහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එච්.එම්.ඩි.බි.හේරත් මහතා පත් කරනු ලැබීය. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස්වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහලේකම්වරයා විසින් යළිත් වරක් ශාන්තබණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවා ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කර තිබේ.

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 14:39

    Latest News