"සිහිනයකි රෑ" අමුත්තා ලෙස ජනපති රූපවාහිනියට (වීඩියෝ)

සැප් 15, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිහිනයකි රෑ සංගීතමය වැඩසටහනට විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැමිණියේය.

    එතුමාව පිළිගනු ලැබුවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද හා අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න යන මහත්ම,මහත්මීන් විසින්. සිහිනයකි රෑ වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ අබිසෙස් මංගල්‍ය ලෙසයි. එහි නිර්මාණ අධ්‍යක්ෂණය මහේෂ් නිශ්ශංකගෙන්. ජයමිණී ඉලේපෙරුම අධ්‍යක්ෂණය සිදු කරයි. මෙම වැඩසටහන 22වන දා රාත්‍රී 10.10ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වනු ඇති.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 12:06

    Latest News