ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.
අමාත්‍යවරයා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එක්සත් ජාතික පක්ෂයේ රස සහ පළපුරුද්ද හොඳින් දන්නා පුද්ගලයෙක් බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකයින් පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම සඳහා කිසිවිටක එකඟ නොවන බවත් එහිදි ඔහු කියා සිටියේය. ඒ නිසාවෙන් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙක එක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.