එළවළු නිෂ්පාදනයේ වැඩිම වස විස එළවළු ලංකාවෙන්....කෘෂිකර්ම ඇමති

ජූලි 28, 2019

    ලෝක එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විස සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    මේ හේතුවෙන් බෝ නොවන රෝග විශාල වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන බව හෙතෙම අවධාරණය කළේය. කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන්ගේ යකඩ, ප්‍රෝටීන් හා විටමින් ඌනතාවය හේතුවෙන් දරුවන් මුදවාගැනීම සදහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ සබල කරණය සහිත සහල් නොමිලේ පාසල් දරුවන්ගේ ආහාරයට ලබාදීමේ වැඩසටහනට කැකිරාව ප්‍රදේශයේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කියා සිටියේය.

    ලෝක ආහාර වැඩ සටහනට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සඳහාම නිෂ්පාදනය කළ සබල කරන සහල් ආහාර නිෂ්පාදනයට නොමිලේ පාසැල් වත ලබාදී දරුවන්ට ආහාර වේලක් ලබාදීම සිදු කෙරේ.

    මෙහිදී සෞඛ්‍ය අංශ නිලධාරීන් විදුහල්පතිවරුන් දෙමව්පියන් දැනුවත් කරමින් කියා සිටියේ යකඩ ප්‍රෝටීන් විටමින් ඒ අයඩීන් ඌනතාවය විශාල වශයෙන් උතුරු මැද පළාතේ දරුවන්ට පවතින බවයි. එමෙන්ම ෆ්ලෝරයිඩ් අඩුවීම උතුරුමැද පළාතේ වැඩිවශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්නහ.

    කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා මෙම වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ කිසිදු රටක එළවළු වල නොමැති විස වස විස මෙරට එළවළු නිෂ්පාදනයේ පවතින බවයි. වසරකට එළවළු සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පොළොවට යොදන බවත් කෘමිනාශක ද්‍රව්‍ය ටොන් 5000 මහපොළොවට යෙදෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙම සියල්ල යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලබා දී තිබීම ගැන ද හෙතෙම අවධාරණය කළේය. උතුරු මැද පළාතේ පමණක් වකුගඩු රෝගයෙන් 20,000 ක් ජීවිතක්ෂයට පත්ව තවත් ලක්ෂයකට අධික පිරිසක් රෝගීන් බවට පත්ව සිටින බවද අමාත්‍ය පි. හැරිසන් පෙන්වා දුනී.

    වම්බටු සහ මෑ කරල් අස්වනු නෙළා වෙළඳ පොළට රැගෙන යෑමට ආසන්නව තිබියදී ගොවින් කෘෂි රසායනික ද්‍රව්‍යයක් යොදන බව විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේය. මෙම හේතුවෙන් බොහෝ ජනතාව දැඩි අවදානමකට පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මුදල මත පමණක් කටයුතු කරමින් මෙවැනි දේ සිදු කිරීම රටේ ජනතාවගේ ආහාරයට වස විස එකතු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

     

     

     

     

    Latest News