ඇමති හැරිසන් කිරි මිළ වැඩි කිරිමේ උත්සහයක

ජූලි 12, 2019

    ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබද සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පැවති කිරි ගොවීන් දැනුවත් කිරිමේ ප්‍රදර්ශනයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    පසුගිය කාලය තුළ දෙවතාවක් කිරි මිල ඉහළ දමා තිබේ. දැනට කිරි ලීටරයක මිල කිරි ගොවීන් මුහුණපාන ආර්ථික ගැටලු වලට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි. කිරි එලදෙනුන්ට පිරිනමන පෝෂ්‍යදායී සංඝටක සහ බෙහෙත් ද්‍රව්‍යවල මිල අනුව කිරි මිල ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුනී. වර්ථමාන කිරිපිටි මිලට සාපේක්ෂව දියර කිරි මිල ඉහල දමන බවත් රුපියල් 50ක් ව තිබු කිරි ලීටරයක මිල 70 දක්වා ඉහල දමා ඇත.

    ලංකාවේ පලමු වරට කිරි ගොවි ගැටලු විසදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවය 6162 "සවිය " අද (12) අමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලදී.

    Latest News