සහල්වල ගුණාත්මක බව වැඩිකිරීමට කර්මාන්ත ශාලාවක්

මාර් 31, 2019

    බල කරන ලද සහල් ඇඹරීමේ ස්ථානයක් අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ දී ඊයේ(31) විවෘත විය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන පනස් තුනකි.

     harison

    අමාත්‍ය පී. හැරිසන් මහතා ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත් විණි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ තාක්ෂණික සහයෝගීතාවය ඇතිව මෙම මධස්ථානය ස්ථාපනය කර තිබේ. අනාගත පරපුරේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා බල කරන ලද සහල් නිපදවීමට එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මගින් රජයට සහය වනු ඇත. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් යකඩ සහ ෆෝලික් අම්ලය සහිතව බල කරන ලද සහල් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමීප සහයෝගීතාව ඇතිව අනුරාධපුර දිස්ත්‍රික් පාසල් අතර බෙදා දීමට නියමිතයි. 

    harison2

    ආහාර බලාත්මක කිරීම යනු ක්‍රියාවලියක් මගින් ආහාරවල විටමින් සහ ඛනිජ ලවණ වැනි ක්ෂුද්‍ර පෝෂක එක් කිරීමකි. එමගින් රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කරයි. මෙම ක්‍රමය වසර ගණනාවක සිට ලොවපුරා සහල් නිශ්පාදනය කරන රටවල සිදු කරනු ලබයි. 

    මෙමගින් රක්තහීනතාවය වැනි රෝග පාලනය කර ගැනීමට හැකි වනු ඇති බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරයි.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 11:11

    Latest News