ජනාධිපතිවරණයට ආවොත් අපි සහය දෙනවා: තෙවරප්පෙරුමගේ හැසිරිම ඇමති රාධා නිර්දෝෂී කරයී

සැප් 14, 2019

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නායකයෙක් බවත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් වතුකරයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බවත් විශේෂ ව්‍යාපෘති සංවර්ධන ඇමති වි.රාධාක්‍රිශ්නන් මහතා පවසයී.

    ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (13) හැටන් දික්ඔය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් පැවති ජනතා හමුවකදිය.
    එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති වි. රාධාක්‍රිශ්නන් මහතා ..........

    වර්තමානයේ පොඩි සිදුවිමක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි කතා කලයුතුයි. තෙවරප්පෙරුම නියොජ්‍ය ඇමතිවරයා පහුගිය දිනක බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒතුමා කල වරද කුමක්ද. එතුමා කල දෙය වරදක්නම් ඒ උසාවි නියෝගයට විරුද්ධව අපිට කතා කල නොහැකීයී. අපි ඊට ගරු කල යුතුයී.

    නමුත් එතුමා කල ක්‍රියාව අපි ඉතාම අගය කල යුතුයි. මොකද වතුකරයේ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවක වතු අධිකාරිවරයා භූමදානය කිරිමට ඉඩමක් ලබාදීම ප්‍රතිකේෂ්ප කල මොහොතේ එතුමා බලහත්කාරයෙන් භූමදානය කරලා තියෙනවා.

    එතුමා සම්බන්ධයෙන් අපි ගරුත්වයෙන් කතා කල යුතුයී. එතුමා මේ දවස්වල බන්ධනාගාරයේ හිටියත් එතුමා එලියට ආවාම නායකයෙක් වෙනවා. ඒක කාටවත් වලක්වන්න බෑ. එතුමා ප්‍රබල නායකයෙක් වෙනවා. විශේෂයෙන්ම වතුකරේ ජනතාව එතුමා ගැන උනන්දුවක් තියෙනවා. එවැනි නායකයෝ තමයී අපිට ඉස්සරහට ඕන කරන්නේ. එතුමා ජනාධිපති මැතිවරණයට එනවනම් අපිට ඡන්දය දාන්න පුළුවන්. වතුකරයේ ජනතාව විදියට සහයෝගය දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවගේ නායකයෙක් අපිට ඕන වෙනවා.

    Latest News