ගාල්ල දිස්ත්‍රික්කයේ පාලම් 08 ක ඉදිකිිරිම් එකවර ආරඹය

සැප් 13, 2019

    ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයෙහි පාලම් ව්‍යාපෘති අටක් සඳහා මුල් ගල් තැබීම අද (13) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරඅබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    මෙම පාලම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 2,736 කි.

    01) රුපියල් ලක්ෂ 292 ක වියදමින් ඉදිකරන ගිගුම්මඩුව ලේල්වල ප්‍රධාන පාර හරහා ගිගුම්මඩුව ඇලපාලම
    02 ) රුපියල් ලක්ෂ 342 ක වියදමින් ඉදිකරන කොස්වත්ත රන්කැටඇල්ල පාලම
    03) රුපියල් ලක්ෂ 342ක වියදමින් යුතුව ඉදිකරන තුත්තිරිකන්ද බටරේකන්ද පාලම
    04) රුපියල් ලක්ෂ 342ක වියදමින් යුතුව ඉදිකරන වෑකන්ද ඇල පාලම
    05) රුපියල් ලක්ෂ 392ක වියදමින් යුතුව ඉදිකරන කඩිහිංගල පාසල අසල පාලම
    06) රුපියල් ලක්ෂ 292කවියදමින් යුතුව ඉදිකරන විතාන ගෙදර ඇල පාලම
    07) රුපියල් ලක්ෂ 342ක වියදමින්යුතුව ඉදිකරන කළුහැන්දෑව තොටුපල පාලම
    08) රුපියල් ලක්ෂ 392ක වියදමින් යුතුවඉදිකරන පනංගල පාලම

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් මෙම පාලම් ඉදිකිරිම සිදුවේ.

     

    Latest News