හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය මකරානන්දයට

සැප් 13, 2019

    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

    2018 වසරේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවන් රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

    මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් අයියතුරෛ සාන්තන් මහතා ද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් කමලා විජයරත්න මහත්මිය ද සම්මානයෙන් පිදුම් ලැබීය.

    හොදම ස්වතන්ත්‍ර ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය කාකියන් නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන මහතාට හිමිවිය.

    හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය "අලුවාකරෛ” නවකතාව වෙනුවෙන් එස්.ඒ උදයන් මහතා වෙත ප්‍රදානය කෙරිණ.

    මේ අතර, වසරේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ ග්‍රන්ථයට හිමි සම්මානය හිමිවූයේ නන්දන වීරසිංහ මහතා රචනා කළ "ක්ෂණ නියාම” කාව්‍ය සංග්‍රහයටයි.

    Latest News