සේනාට නොදුන් වන්දි ඉල්ලා නාමල් ගොවීන් සමඟ පාරට

සැප් 07, 2019

    සේනා දළඹු ප්‍රහාරයට ලක්ව විනාශ වූ වගාවන් සඳහා රජය ගෙවීම මෙතෙක් සිදු නොකළ බව පවසමින් සේනා දළඹු ප්‍රහාරයට ලක්ව ගොවි ජනතාව ලබන 18 වන දින අම්පාර නගරයේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

    අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොනරාගල, ආදී දිස්ත්‍රික්කවල බඩඉරිගු වගාවන් සේනා දළඹු ප්‍රහාරයට ලක්වි ගොවි පවුල් රැසක් දුෂ්කරතාවට පත්වව සිටින බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කලේය. මොනරාගල කෝටි දහයක්, අම්පාර දිස්ත්‍රික් කෝටි තිස්තුනක් ගොවීන්ට වන්දි ලබා දිය යුතු බවත් මොනරාගල පවුල් දහසක් වන්දි ලබාගැනීමට සුදුසුකම් ඇති අය සිටින බව ඔහු පැවසිය. වගා හානි අක්කරයකට රුපියල් හතලිස් දහසක මුදලක් ගෙවිය යුතු වුවත් ආන්ඩුව එය පැහැර හරින බවත් ඔහු පෙන්වාදුනී. එසේ වුවත් ආණ්ඩුව මසකට විශාල මුදලක් වැය කර ඇමති මණ්ඩලයක් නඩත්තු කිරිමේ නිරත වන බවත් ඔහු කියා සිටියේය.

    සේනා දළඹු උවඳුරින් විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම පසුගිය මාර්තු 10 වැනිදා රජය විසින් ආරම්භ කළ අතර ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250කි. මෙම වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 307 දෙනෙකුට වන්දි ලබාදීම සිදුකෙරිණ. එ සඳහා වැය වු මුදල රුපියල් මිලියන 16ක්. සේනා දළඹු උවදුරින් වගා හානි වු බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ට ප්‍රථම අදියර යටතේ වන්දි පිරිනැමීම ජූලී 29 සිදුකෙරිණ. මේ අනුව මහියංණය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පූර්ණ හානියට පත් බඩඉරිගු වගා බිම් අක්කර 530 ක ගොවීන් 388 දෙනෙක් සදහා රුපියල් මිලියන 21 ක චෙක්පත් පිරිනැමිණ.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 11:19

    Latest News