සේනා දළඹු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ (වීඩියෝ)

ජන 26, 2019

    සේනා දළඹු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු වැඩසටහන අද දඹුල්ලෙන් ආරම්භ කෙරුණා.

    රාජ්‍ය ආයතන, උසස් අධ්‍යාපන සිසුන්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසකගේ දායකත්වය මීට ලැබී තිබෙනවා. සේනා දළඹු වසංගතයට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ගොදුරුවී අවසන්. බඩ ඉරිඟු ඇතුළු වගා රැසකට දළඹුවා සෘජුවම හානි සිදු කරනවා.

    මේ පිළිබඳව රජරට හුරුළුඇල කලාපයේ ගොවීන් දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ වැඩසටහන අද උදේ ආරම්භ කෙරුණේ, දඹුල්ල පැල්වෙහෙර කෘෂිකර්ම ගොවි පොළෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මීට සෘජු දායකත්වය ලබා දෙනවා.

    200කට අධික පිරිසක් කුඩා කණ්ඩායම්වලට බෙදී හුරුළු ඇල කලාපයේ ගොවීන් දැනුවත් කරනු ලැබුවා. වගාබිම් පරීක්‍ෂා කරමින් සේනා දළඹු උවදුර සහිත බෝග විනාශ කිරීමට ද ඔවුන් කටයුතු කළා.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:22

    Latest News