යල කන්නයේ බඩ ඉරිඟු වගා නොකිරීමට උපදෙස්

ජන 26, 2019

    නැවත දැනුම් දෙනතුරු යල කන්නය සඳහා බඩඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ගොවීන්ට දැනුම් දෙයි.

    යල කන්නය එළඹීමට පෙර අතරමැද කාලසීමාව තුළ බඩඉරිඟු වගා කිරීම සේනා දළඹුවා මර්දනය සඳහා ගෙන ඇති වැඩසටහනට බාධාවක් වන බව ඔහු කියා සිටී. සේනා දළඹු උවදුර සීග්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි. ඒ අනුව සේනා දළඹු මර්දනය සාර්ථක වන තුරු නැවත නැවත බඩ ඉරිඟු වගාවට යොමු නොවන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එම. ඩබ්ලිව්. එම්. වීරකෝන් මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 18:51

    Latest News