ආගරපතනේ ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි

සැප් 07, 2019

    ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් සිව්දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කෙරේ.

    ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් කළ සිව්දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    අද (07) අලුයම 1 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් 8 කණුව ප්‍රදේශයේදිය.

    අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වි ඇති බවයි ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටි. අනතුරෙන් තුවාල ලැබුවන් අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩ වල පසුවන්නන් බව, නාවලපිටිය පොලිසිය පවසයි.

    threewhelaccident1 px 900 1

    Latest News