කර්මාන්තකරුවන්ට අලුත් ඉස්සන් දෙකක්  

සැප් 07, 2019

    මෙරට ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වත්මන් රජය පියවර රැසක් ගෙන තිබේ.

    ඒ යටතේ, ඉස්සන් වගාකරුවන්ට නව ප්‍රභේද හඳුන්වාදීමේ වැඩමුළුවක් පසුගියදා හලාවත සංචාරක හෝටල් පරිශ්‍රයක දී පැවැත්විණ. ඉස්සන් නව ප්‍රභේද දෙකක් මෙහි දී එම කර්මාන්තකරුවන් වෙත හඳුන්වා දුනි. මෙම නව ප්‍රභේද මගින් සාර්ථක අස්වැන්නක් ලබගත හැකියි.

    එමෙන්ම, ඉස්සන් රෝගවලට ගොදුරුවන අවදානම ද ඉතා අවම මට්ටමක පවතින බව, මෙහි දී අනාවරණය විය. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2,000ක් පමණ වෙයි. වගාකාරුවන්ගේ සංඛ්‍යාව 600ක්.

     

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 11:17

    Latest News