අද මැදියමෙන් පාන් ගොඩියක් 2කින් ඉහළට

සැප් 06, 2019

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරුඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50කින් වැඩිකරන ලෙස ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

    ඒ අනූව, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 02 කින් පාන්ගෙඩියක මිල ඉහළ නංවන බවයි, එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසන්නේ. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරියෙන් අප කළ විමසුමක දී එහි නිලධාරීන් පවසන්නේ අදාළ මිල වැඩිකිරීම අවසරයකින් තොරව සිදුකර ඇති බවත්, වැඩි කිරීම පිළිබඳව වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

     

     

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 16:29

    Latest News