සියදිවි නසා ගැනීම් ඌන පෞරුෂයක්: වැඩිම ප්‍රතිශතය තරුණියන්ගෙන් (වීඩියෝ)

සැප් 04, 2019

    සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමට සමාජයේ සියලු පාර්ශ්ව මැදිහත් විය යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමේ දිනය, ලබන 10 වැනිදාට යෙදී තිබේ. මෙවර එහි තේමාව “සියදිවි නසා ගැනීම් වැළැක්වීමට සැවොම එක්වෙමු“ යන්නයි. සියදිවි නසා ගැනීමට පෙළඹෙන, උත්සාහ කරන සෑම අයෙකුම තම ජිවිතයේ වටිනාකම හඳුනා නොගත් ඌන පෞරුෂයකින් යුත් අයෙකු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. සියදිවි හානිකර ගැනීමෙන් ලොව වසරකට මියයන සංඛ්‍යාව ලක්‍ෂ 8ක්. සෑම සිය දිවි නසාගැනීමක්ම, තවත් පුද්ගලයින් 135 දෙනෙකුට පමණ බලපෑම් එල්ල කරන බවයි, හෙළි වී ඇත්තේ. බොහෝ දෙනෙකු සිය දිවි නසා ගන්නේ “අනෙකාට පාඩමක්“ ඉගැන්වීමේ අරමුණින්. එහෙත්, අහිමි වන්නේ තම ජීවිතයයි. ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අතරින්, සියයට අසූවක් පිරිමි පුද්ගලයින් වන අතර, ඒවයස අවුරුදු 70ට වැඩි අය බව, නිරීක්‍ෂණය වී ඇත. මේ අතර වයස අවුරුදු 16-19ත් අතර පසුවන කාන්තාවන්ගේ එම ප්‍රතිශතය 20%ක්. ගැටලු ඇති ඕනෑම පුද්ගලයෙකුට උපදේශනය මගින් තම ප්‍රශ්න නිරාකරණය කරගත හැකියි. එහිදි අදහස් දැක්වූ මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය...

    “යම් කෙනෙක් කියනවනම් මට මැරෙන්න ඕනේ කියලා. මට ජිවත් වුණා ඇති කියලා දුකෙන් ඉන්නව නම් දිගින් දිගටම නින්ද යන්නේ නැත්නම් කන්නේ බොන්නේ නැත්නම්, ජීවිතේ එපාවෙලා වගේ ඉන්නවනම් කරුණාකර වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. ගොඩක් අයට උදව් කරන්න පුලුවන් හැබැයි අනෙක් අය අතගගා හිටියොත් ඩිප්පෙෂන් වර්ධනය වුණොත් මැරෙනකම් අපි දන්නේ නැහැ ප්‍රතිකාර නොකර. මුළු සමාජයටම සහ දෙමව්පියන්ට විශේෂයෙන්ම ගුරුවරුන්ට කරන්න ලොකු කාර්ය භාරයක් තියෙනවා. අපි අනෙකුත් විකල්ප, ළමයාගේ ආත්ම අභිමානය, ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව වැඩිවෙන්න ඕනේ. අපි ඉගෙන ගෙන නැහැ පරාජය බාරගන්න. දිනන්නම ඕනේ. ඒ එක්කම ප්‍රශ්නයක් ආවහම ඒක කෙහොමද විසඳගන්නේ. ගොඩක් ආයතන තියෙනවා“ යැයි මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි පැවසුවාය. ගැටලු සහගත පුද්ගලයින් සඳහා 24 පැය පුරා නොමිලයේ දුරකතන සේවාවක් ක්‍රියාත්මකයි. ඒ 1926 සේවාවයි. සෑම රජයේ රෝහලකම උපදේශන සේවා ක්‍රියාත්මකවේ.

     

     

     

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 20:38

    Latest News