සාකච්ඡා අති සාර්ථකයි... එකවර කිව්වාම රසයක් නැහෑ.... ඇමති සජිත්

සැප් 15, 2019

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) රාත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පවත්වා තිබේ.

    එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රාත්‍රී 9.30 ට පමණ මුදල් අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඇති අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණ ඇත්තේ රාත්‍රී 10.30 පමණයි. ඉන් අනතුරුව දෙපාර්ශවය අතර සකාච්ඡා ආරම්භව තිබේ.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව වාර්තාවේ. එ අනුව දෙපාර්ශවය අතර සාකච්ඡා පැය 2 කට ආසන්න කාලයක් පවත්වා තිබේ.

    දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා සාර්ථ වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත කියා සිටියේය. මෙම සාකච්ඡා සඳහා සහභාගි වු අමාත්‍යවරුන් සහ පක්ෂ නායකවරුන් ගැන මාධ්‍යවේදින් ගැන කල විමසිමේ දි ඔහු කියා සිටියේ චම්පික රණවක, රාවුෆ් හකීම්, දිගම්බරම්, මනෝගනේෂන්, රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරුන් එක් වු බවයි.

    මාධ්‍යවේදීන් - මෙම සාකච්ඡාවේදි මොන වාගේ තින්දු තිරන ද ගත්තේ ?

    ඇමති සජිත් - “මට කියන්න පුළුවන් සාකච්ඡා අති සාර්ථකයි. ඔබතුමන්ලාට පුලුවන් ඒ වචනයෙන් ස්මතුවන අදහස සමඟ නිගමනයකට එන්න. මම හිතන්නේ ඉස්සරහට පැහැදිලි වේවි. ඒක එක පාරට කිව්වාම රසයක් නැහෑ“ යැයි ඔහු කියා සිටියේය.

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමට පෙර සුළු පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණි.

    Latest News