පොලිස්පති විදුලි සෝපානකරුට තර්ජනය කළැයි නඩුවේ..සීසීටීවී ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

සැප් 05, 2019

    පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානයේ දී විදුලි සෝපාන ක්‍රියාකරුට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා බැණ තර්ජනය කළ බව කියන සිද්ධියේ සීසීටීවී දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලීසිය සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විධිමත්ව එම ඉල්ලීම සිදු කරන්නැයි පොලිසියට ඊයේ උපදෙස් ලබා දුන්නේය.

    රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවිය යුතු වන්නේ එම දර්ශන වල පුද්ගලයන් හදුනාගත නොහැකි නම් හෝ වෙනත් කරුණක් ඇත්නම් පමණක් බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා එම සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කළහොත් සෘජු සාක්ෂියක් වන බවත් එසේ නැතහොත් විධිමත්ව එම ඉල්ලීම සිදු කරන ලෙසත් පොලිසියට දන්වා සිටියේය.

    ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වනදා සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ එච් සමරකෝන් බණ්ඩා පොලිස් නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට අනිවාර්ය නිවාඩුයවා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව 2019-06.02ද වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා වෙත එම නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 07:49

    Latest News