කාන්තා විමුක්තිය හදන්න එන අයගේ පාලනයේදී ගැහැණු ළමුන් දුෂණය කෙරුණා

සැප් 01, 2019

    පසුගිය පාලන සමයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විසින් මෙරට කාන්තාවන් සියයක් දූෂණය කර ප්‍රියසම්භාෂණ පවත්වන විට සහ විදේශීය කාන්තාවන් දුෂණය කරන විට එය නොදුටුවා සේ එදා සිටි පාලකයින් කාන්තා අයිතිය සුරක්ෂා කරනවා යැයි බොරු පොරොන්දු දෙන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

    ඔවුන් නැවත බලයට පැමිණියහොත් මෙරට කාන්තාවන් මහා අගාධයකට දැමීමට ප්‍රාදේශීය දේශපාලඥයින්ට බලපත්‍ර ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මඩකලපුව ප්‍රදේශයේ මිනීමරු දේශපාලන පිරිස් විසින් අද විවෘත කළ උදා ගම්මාන දෙකෙහි උත්සවයේ දැන්වීම් පුවරු විනාශ කර ඇති බවත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරිමට විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවත් ඔහු කියා සිටියේය. කවුරුන් කෙසේ තම ඡායාරූප විනාශ කළද ජනතාවගේ හදවතේ ඇති තම ඡායාරූපය විනාශ කිරීමට කිසිවකුට නොහැකි බවද වැඩිදුරටත් පැවසීය. මෙරට කාන්තා පරපුර ඇතුළුව සියලුම පුරවැසි පරපුරේ අනාගත වගකීම තමන් භාර ගැනීමට සුදානම් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ නිරිත, තාන්තාමලෛහි ඉදිකළ“කුමරන්කුඩියිරුප්පු” සහ “කාලිකාපුරම්”උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිණි.

    “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 269 සහ 270 වන ආදර්ශ ගම්මාන මේවා වේ. මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය පැවති ස්ථානයේ වේදිකාවේ තිබූ දැන්වීම් පුවරු කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ විනාශ කර තිබූ අතර පසුව නැවත එය යථා තත්වයට පත් කරන ලදි.

    “කුමරන්කුඩියිරුප්පු” සහ “කාලිකාපුරම්”උදා ගම්මාන දෙකෙහි ඉදිකර ඇතිනිවාස ගණන 51කි. මෙම ගම්මාන දෙක අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ450 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මාන දෙක සමන්විත වේ.

    මෙහිදී නිවාසලාභීන්51 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ89ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 51 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා‘විසිරි නිවාස ණය’, පවුල් 25කට රුපියල් ලක්ෂ 25 ක් වටිනා ‘නිවාස ණය හා ආධාර’,‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 250 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 125 ක් වටිනා ප්‍රතිලාභ සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්40 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩිප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට පට්ටියිරුප්පු එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. ගනේෂ මූර්ති මහතා සහප්‍රාදේශීය දේශපාලඥයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 01 සැප්තැම්බර් 2019 16:20

    Latest News