පොහොසත් රටවල මැදි වයසට පිලිකාවෙන් මරණීය තර්ජන (වීඩියෝ)

සැප් 04, 2019

    පොහොසත් රටවල මැදි වයස් කාණ්ඩවල ජනතාවගේ ප්‍රධාන මරණීය රෝගාබාධය බවට, පිළිකාව පත්වී ඇතැයි නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

    මෙතෙක් එම වයස් කාණ්ඩවල ජනතාවගේ ප්‍රධාන මරණීය රෝගාබාධය ලෙස සැලකුණේ, හෘදයාබාධ සහ ඒ ආශ්‍රිත රෝගාබාධයන්. කැනඩාවේ විශ්වවිද්‍යාලයක සිදු කළ නවතම පර්යේෂණ දෙකක් ආශ්‍රයෙන් සුප්‍රකට ලාන්සෙට් වෛද්‍ය ජර්නලයේ ඊයේ පළවූ වාර්තාවක මේ බව සඳහන්. රටවල් 21ක් පාදක කර ගනිමින් මැදි වයස් කාණ්ඩවල එක් ලක්‍ෂ හැට දෙදහස් පන්සියයක සාම්පලයක් යොදා ගනිමින්, වසර නවය හමාරක කාලයක් පර්යේෂණ සිදුකර තිබේ.

    එහිදී මැදි වයස් කාණ්ඩය ලෙස තෝරාගෙන ඇත්තේ, වයස අවුරුදු 35ක් සහ 70 අතර කාණ්ඩයයි. පොහොසත් රටවල් ලෙස පර්යේෂණය සඳහා සළකා ඇත්තේ, කැනඩාව, සෞදි අරාබිය, ස්වීඩනය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය වැනි රටවල්. බ්‍රසීලය, චීනය, ඉරානය සහ මැලේසියාව යන රටවල් මධ්‍ය ආදායම්ලාභී රටවල් ලෙස සලකා තිබේ. අඩු ආදායම්ලාභී රටවල් ලෙස යොදාගෙන ඇත්තේ බංග්ලාදේශය, පකිස්තානය, සිම්බාබ්වේ වැනි රටවල් කිහිපයක්. පවතින දියුණු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් හෘදයා බාධයක් වැළැඳුණු පුද්ගලයෙකු මියයාමේ අවදානම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි, වාර්තාවේ සඳහන්. පහළ හා මධ්‍ය ආදායම්ලාභී රටවල තවමත් වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන රෝගාබාධය වන්නේ, හෘදයා බාධයයි. කෙසේ වෙතත්, ඉදිරි දශකය තුළ ලොව දරුණුතම මරණීය හේතුව ලෙස පිළිකාව හඳුනාගෙන තිබේ.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 20:29

    Latest News