බොහෝ දේශපාලඥයින්ට මැතිවරණ සමයේ සම්බුද්ධ ශාසනය ගැන අලුත් කැක්කුමක්

සැප් 04, 2019

    බොහෝ දේශපාලඥයින්ට මැතිවරණ සමයේදී සම්බුද්ධ ශාසනය පිළිබඳව අලුත් කැක්කුමක් ඇති වන බවත්, එය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇතිවන කැක්කුමක් නොව, තම බඩගෝස්තරය රැක ගැනීම වෙනුවෙන් ඇතිවන කැක්කුමක් බව, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

    අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ, නායිම්බල, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ ඉදිකළ“සිරි පැනතිස්දහම් පාසල් ශාලාව”සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

    මෙරට මහා සංඝරත්නය මුළාවට පත්කරමින්සුපිරි බෞද්ධයින් ලෙස ව්‍යාජ ප්‍රතිරූප නිර්මාණය කරගෙන ජනතාව රැවටීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බවත්, සම්බුද්ධ ශාසනය සුරැකීම ඔවුන්දේශපාලන විහිළුවක් බවට පත්කරගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ශාසනයේ උන්නතිය උදෙසා සිදුකරන ආගමික සංවර්ධන මෙහෙවරබලා සිටිය නොහැකි විරුද්ධ කණ්ඩායම් තමන්ට විවිධ විවේචන එල්ල කරන බවත්, විරුද්ධ කණ්ඩායම් වල පැවැත්මට බාධාවක් වන නිසා ඔවුන් මෙලෙස කටයුතු කරන ඔහු අවධාරනය කරයි. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙහෙයක් ඉටු කිරීමට හදවත තුළ සිතුවිල්ලක් හෝ ඇති නොවන මෙම පිරිස මාධ්‍ය සාකච්ඡා පවත්වා තමන් සිදු කරන ශාසනික මෙහෙවර කඩකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

    මිදෙල්ලවල පුරාණවිහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය හක්මන ඤාණවිමල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ. සියලු පහසුකම් සහිතව මෙම දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 40 කි. අමාත්‍යවරයා විසින් විහාරස්ථානයේ පුස්තකාලය සඳහා පුස්තකාල පොත් කට්ටලයක්ද ප්‍රදානය කළේය.

    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු දේශපාලඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    Latest News