මහින්ද රාජපක්‍ෂ පාස්කු ප්‍රහාරය දැන සිටියා; දැන් කතෝලික ඡන්ද දිනාගැනීමේ ප්‍රෝඩාවක (විඩියෝ)

සැප් 03, 2019
  • මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදුවූ අපරාධ සහ ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොමිසන් පැවැත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශකයක් නොකර සිටිමෙන් කතෝලික ඡන්ද දිනාගැනීමේ උත්සහයකින් බව, සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ අශෝක් ස්ටීවන් පියතුමා පවසයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන කොමිසන් සභාව සේම මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදුවූ ඝාතනය සෙවීම ද කළ යුතු බවයි, අශොක් ස්ටීවන් පියතුමා පවසන්නේ.

    “අපි දැන් කියන්නට ඕනේ ඉදිරියේදී මොකද වෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කියලා තියෙනවා එතුමා බලයට පත්වුණොත් ස්වාධීන කොමිසමක් පත්කරනවා කියලා බෝම්බ සිද්ධිය පිළිබඳ නිරීක්‍ෂණය කරන්න කාදිනල් උන්වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා. ඒක හොඳයි. එතුමට කියන්නට ඕනේ කාදිනල් තුමාට පොරොන්දු වෙන්න එතුමාලගේ ආණ්ඩු කාලේ අපේ ඇන්ටනි ප්‍රනාන්දු හලාවත ඝාතනය වුණා. රොෂේන් ෂානක කටුනායකදී ඝාතනය වුණා. රතුපස්වල ජනතාව ඝාතනය වුණා. ලසන්ත වික්‍රමතුංගලා ඝාතනය වුණා. ඒ ගැනත් ගෝඨාභය මහත්තයට කියන්න ඕනේ ස්වාධීන කොමිසම් සභා දාලා ජනතාවට සාධාරණයක් කරන්න කියලා. එහෙම නැතුව මේ වෙලේ ඒ ගොල්ලන් ඇවිල්ලා මේ ඔක්කොම එකයි. හැම කෙනාම මේ ගැන දැනගෙන හිටියා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා. මේ ගොල්ලෝ දැන් එකතු වෙලා කතෝලික සභාවේ මේ ඡන්ද ටික ඉලක්ක කරගෙන කරන දේවල් ගැන අපි කණගාටු වෙනවා යැයි ප්‍රසිද්ධියේ කියන්න ඕනේ“ යැයි අශෝක් සිටීවන් පියතුමා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 18:03

    Latest News