“දියකාවා“ යුද අභ්‍යාසය ඇරඹේ (වීඩියෝ)

සැප් 03, 2019

    ශ්‍රී ලංකා යුද හමුදාව දස වන වරට සංවිධාන කරන “දියකාවා“ යුද අභ්‍යාසය අද ආරම්භ කෙරිණ.

    ඒ, මින්නේරිය යුද හමුදා මෙහෙයුම් මූලස්ථාන පරිශ්‍රයේදී. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වූයේ, අභ්‍යාස අධ්‍යක්‍ෂ මධ්‍යම ආරක්‍ෂක ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතායි. මෙම යුද අභ්‍යාසයට හමුදා සෙබළුන් 2400ක්, නාවික හමුදා සෙබළුන් 400ක්, ගුවන් හමුදා සෙබළුන් 200කට අධික පිරිසක් සහභාගිවේ. ඊට අමතරව, විදෙස් යුද හමුදා සෙබළුන් රැසක් සහ 100කට අධික නිරීක්‍ෂකයන් පිරිසක් ද එක්ව සිටී. අද සිට ලබන 23 දක්වා දියකාවා යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම යටතේ.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 20:01

    Latest News