දුරදිග ගිය ගැටුම මරණයකින් අවසන් වෙයි

සැප් 03, 2019
    ගල්කිස්ස, සිලවෙස්ටර් පාර ප්‍රදේශයේ පාලම අසලදී දෙපිරිසක් අතර ඊයේ(02) සවස 7.00ට පමණ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට පිහිවලින් පහරදී තුවාල සිදු කර තිබේ.
    එහිදී බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.   මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ රත්මාලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
     
     
    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 08:59

    Latest News