සූර්ය බල උත්පාදක නිවාස ව්‍යාපෘතිය ඇරඹේ

සැප් 03, 2019

    මෙරට ක්‍රියාත්මක ප්‍රථම සූර්ය බල උත්පාදක නිවාස ව්‍යාපෘති යටතේ ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.

    ඒ මුලතිව් හා හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්. මේ සඳහා මූල්‍යාධාර සපයන්නේ නෙදර්ලන්ත රජයයි. ඉදිකෙරෙන සූර්ය බල උත්පාදක නිවසක වටිනාකම රුපියල් ලක්ස 25ක්. එක් නිවසකින් මාසිකව නිපදවෙන විදුලි බල ප්‍රමාණය කිලෝවොට් 20ක්. එය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

    නිවාසවල වහලය මත සවි කෙරෙන සූර්ය විදුලි බල උපාංග මගින් මෙම විදුලිය නිෂ්පාදනය කෙරේ. ඉන් නිපදවන ඒකක 90ක ප්‍රතිලාබ නිවෙස් හිමි වන සූර්බ බල නිවෙස් ප්‍රමාණය 175ක්. එක් පවුලක් සඳහා වර්ග අඩි 650කින් පමණ යුත් නිවසක් හිමි වෙයි.

     

     

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 10:47

    Latest News