ජලය ඉල්ලා වැල්ලවායේ ජනතාව පාරට

සැප් 02, 2019

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව බීමට ජලය ඉල්ලා අද (2) උදෑසන වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය ආනපල්ලම තුනේ කනුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    අද උදෑසන 10.00ට පමණ ආරම්භ වූ විරෝධතාව දහවල් වන තුරු පවතින අතර විරෝධතාකරුවන් විසින් වැල්ලවාය කොළඹ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර තිබේ.

    ආනපල්ලම, තුනේ කනුව සහ හතර කනුව යන ගම්මාන වලට ජාතික ජලසම්පාදන මණ්ඩලය විසින් ලබා දෙන ජලය විදිමත් පරිදි නොලැබෙන බව ජනතාව පවසන අතර වෙනත් ජල යෝජනා ක්‍රමයකින් හෝ තමන් වෙත ජලය ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති. උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානය වෙත වැල්ලවාය පොලිස් නිලධාරීන් පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කළද එය අසාර්ථක විය. විසදුමක් ලබා දෙන තුරු මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වන බවයි ජනතාව පවසන්නේ.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 12:42

    Latest News