ETI තැන්පත්කරුවන්ගේ පෙත්සමේ කරුණු තාහවුරුව දෙසැම්බර් 04

සැප් 02, 2019

    ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලේය.

    මෙම පෙත්සම අද ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණ.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙසයි. ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ අදාළ ආයතනයේ තැන්පත් කළ මුදල් නොලැබීම හේතුවෙන් තැන්පත් කරුවන් විශාල සංඛ්‍යාවක් දැඩි අගතියට පත් වී සිටින බවයි.

    මේ හේතුවෙන් ඊ.ටී.අයි සමාගම සතු දේපළ ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරාගෙන ඒවා වෙන්දේසි කොට තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් එම සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 17:12

    Latest News