ගජමුතු සමඟ හෙරොයින් ජාවාරම්කරු පොලිසියට කොටුවේ

සැප් 02, 2019

    ගජමුතු 02 ක් ලග තබා ගෙන හෙරෝයින් ජවාරමේ යෙදුනු පුද්ගලයකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පුත්තලම පොලීසියේ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව පුත්තලම පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (01) පුත්තලම මනගුණ්ඩු ප්‍රදේශයේදී නිවසක් තුල සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වටිනා ගංජ මුතු දෙක සමග හෙරෝයින් මිලි ග්රූම් 620 තිබී පොලිස් නිළධාරින් සොයා ගෙන තිබේ. මොහු කලක සිට හෙරෝයින් ජාවාරමේ යෙදී ඇති බවත්, සැකකරු මෙම ගජමුතු දෙක වනාතවිල්ළුව - එළුවන්කුලම ප්‍රදේශයේ අයකුගෙන් ලබා ගෙන ඇති අතර එය ලක්ෂ ගණාවකට විකීණීමට සුදානමින් සිටි බව මුලික පොලිස් විමර්ශණවලදී ආණාවර්ණය වී ඇත. මෙම ගජ මුතු දෙක ජාතික කෞතුකාගර අධක්ෂක හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පරික්ෂා කිරීම සදහා යොමු කරන බවයි පොලිසිය සදහන් කළේය.

    Latest News