සියෝන් දේවස්ථානයේ ඝාතකයාගේ හිස කොටස අද යළි ගොඩට

සැප් 02, 2019

    මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ මිහිදන් කළ හිස කොටස අද (02) යළි ගොඩගැනීමට නියමිතයි.

    ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

    අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඔහුගේ හිස කොටස කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරිණ. නමුත් ඊට ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් දක්වමින් මඩකලපුව කල්ලඩි පාලම අසළ ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

    කෙසේ නමුත්, පසුගියදා අධිකරණය විසින් එම හිස කොටස සුදුසු ස්ථානයක වළ දමන ලෙස යළිත් වරක් නියෝග කරනු ලැබුවේය.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 17:09

    Latest News