තෙවැනි පාසල් වාරය ඇරඹේ

සැප් 02, 2019

    රජයේ සහ පෞද්ගලික පාසල්වල තෙවන වාරය අද (02) ආරම්භ වෙයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සදහා යොදාගන්නා පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 16 වැනිදායි.

    ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය , නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය,කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිදු විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය හා බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල් තවදුරටත් වසා තැබෙනු ඇති.

    Latest News